දිනපු කකුළුවෙක්....

ඉතිං අපේ චමරියෙ හොද කන බොන සෙට් එකක් තමයි ඉන්නෙ..එහෙන් මෙහෙන් සෙට් උනාම හොද හොද කතා එලියට එනවා..මේකත් එහෙම එලියට ආපු එකක් තමයි....

ඔන්න හොදට කන බොන ඩයල් එකක් හෝටලයකට ගිහින් කෑම ඕඩර් කරපුවාම ඉල්ලපු දේවලුත් එක්ක අමුතු දෙයක් ගෙනත් තිබ්බා.බලපුවාම මේ කකුලුවෙක්.මුගේ අඩු ටික නෑ.මැද කෑල්ල විතරයි.මූට ලෙල්ලට තද උනා.

ඕයි මල්ලි,මොකෙක්ද මේ ගෙනත් තියෙන්නෙ.කො මේකගෙ අඩු ටික..

වේටර් කොලුවා: මහත්තයා මමනං දන් නෑ,මම මුදලාලිට කියන්නම්...

මුදලාලි:ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නෙ....?

බලනවා මුදලාලි..කෝ මේ කකුලුවාගේ අඩු ටික..

මුදලාලි:නෑ මහත්තයා අපි කකුලුවො ගේන්නෙ පන පිටින්.ඉතිං උන් ගේනකොට මල්ල ඇතුලෙදි එකාට එකා රන්ඩු වෙලා උන්ගෙ අඩු කැඩෙනවා..අපි එතිං මොනව කරන්නද..?

ඩයල් එකට යකාට තද උනා..මූ ගත් කටටම කියපිය.....
'එහෙනම් මට රන්ඩු වලින් දිනපු කකුලුවෙක් ගෙනෙං' කියලා